චීනයෙන් මෙරටට රුපියල් මිලියන 400ක ආපදා සහන උපකරණ

මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 400 ක් වටිනා ආපදා සහන උපකරණ පරිත්‍යාග කිරීම කොළඹ ආපදා කළමනාකරණ අංශයේ අද (05) සිදුකෙරුණා.

මෙම නිල උත්සවයේදී චීන තානාපති ගරු Qi Zhenhong විසින් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා වෙත එම මානුෂීය ආධාර තොගය නිල වශයෙන් භාරදීම සිදුකළා.

උත්සව අවස්ථාවේදී අදහස් පලකළ ආරක්‍ෂක ලේකම්වරයා චීනය ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කර සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස හේතුවෙන් නිරන්තරයෙන් උග්‍ර ගංවතුර තත්ත්වයන් වැනි ස්වාභාවික විපත්වලට මුහුණ දෙන අවස්ථාවක මෙම පරිත්‍යාග කිරීම වෙනුවෙනුත් සිය කෘතඥතාව පුද කරන බවද ඔහු පැවසුවා.

එමෙන්ම, විපතට පත් ප්‍රජාවන්ට කඩිනම් සහ ඵලදායී සහන සැපයීම සඳහා මෙම උපකරණ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් මනා කළමනාකරණයකින් යුතුව දිස්ත්‍රික් පරිපාලන යාන්ත්‍රණ හරහා ක්‍රමවත් අයුරින් බෙදාහරින බවද ඔහු අවධාරණය කළා.

තවද, දෙරට අතර ඇති ශක්තිමත් බැඳීම් ඉස්මතු කරමින් සිදුකළ මෙම පරිත්‍යාගය මගින් ශ්‍රී ලංකාව සමඟ අවශ්‍යම අවස්ථාවන්හි දී චීනය දක්වන නොසැලෙන සහයෝගීතාවය පිළිබිඹු වන බවද, අවධාරණය කර සිටියා.

යුවාන් මිලියන 10ක් වටිනා මෙම ආපදා සහන උපකරණ තොගයට හකුලන ඇඳන්, ජංගම සනීපාරක්‍ෂක පහසුකම්, මෙට්ට, මුළුතැන්ගෙයි උපකරණ, ගෑස් ලිප්, කූඩාරම්, සෙවිලි තහඩු, ඇඳ ඇතිරිලි, බෝට්ටු, ජීවිතාරක්‍ෂක කබා, ජල පොම්ප සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ ද ඇතුළත්.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා මහජන චීන සමූහාණ්ඩුව මීට පෙරද, මූල්‍ය ආධාර ලබාදී ඇති අතර, මෙම පරිත්‍යාගය, මානුෂීය සහයෝගය සහ හදිසි ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා වන සූදානම සම්බන්ධයෙන් දෙරට අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා චීනයේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12