චීනයේ මැකව් විශේෂ පරිපාලන කලාපයේ 25 වැනි සංවත්සරය සමරයි

‘මැකව් විශේෂ පරිපාලන කලාපය’ යනු චීනයේ මධ්‍යම රජයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක පාලන ප්‍රදේශයක්.

එය චීනය සමග යළි එක්වීමේ 25වැනි සංවත්සරය අද (20) පැවැත්වුණා.

ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම සංවත්සරය සැමරී‍මේ සම්මේලනයට සමගාමී ව මැකව් විශේෂ පරිපාලන කලාපයේ 6 වැනි රජය දිවුරුම් දීම ද සිදු කෙරුණා.

මැකව් යළි චීනයට පැමිණීමෙන් පසු ගත වූ වසර 25 තුළ චීන මධ්‍යම රජය සහ අභ්‍යන්තර ප්‍රදේශය අතර ශක්තිමත් සහයෝගය යටතේ විශේෂ ලක්ෂණ සහිතව ‘එක් රටක් – ක්‍රම දෙකක්’යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහි විශාල ජයග්‍රහණයක් ලබා තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියා.

වර්තමානයේ මැකව් හි විශාල විපර්යාසයක් සිදු වී ඇති අතර එහි ජාත්‍යන්තර බලපෑම විශාල වශයෙන් වර්ධනය වී තිබෙනවා.

එසේම එහි ආර්ථික හා සමාජ සංවර්ධන‍යේ ඓතිහාසික ප්‍රගමනයක් ද දැක ගත හැකියි.

ආර්ථික සංවර්ධනය සහ ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් විවිධාංගීකරණ කර්මාන්ත සංවර්ධනය කොට දිගුකාලීන හා ස්ථාවර සංවර්ධන ප්‍රවණතාවක් පවත්වාගැනීම සඳහා මැකව් අඛණ්ඩව කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළා.

“එක් රටක්, ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්, නිවැරදි හා ස්ථීර ලෙස ක්‍රියාත්මක කොට, විශේෂ පරිපාලන කලාපයේ රජයේ හා සමාජයේ සමස්ත අංශවල ඒකාබද්ධ ප්‍රයත්නයෙන් මෙන්ම මව්රටේ ශක්තිමත් සහාය ඇතිව, මැකව් කලාපයට නිසැකවම නව දීප්තිමත් අනාගතයක් නිර්මාණය කළ හැකි යැයි තමා විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07