චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිඥාවක්

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොන්ග් හමුවුණා.

එහිදී දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙර සිටම ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දුන් අඛණ්ඩ සහයෝගය විදේශ අමාත්‍යවරයා අගය කළ බවයි එම අමාත්‍යාංශය කියාසිටියේ.

චීන රජයේ අරමුදල්වලින් ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද චීන ස්මාරක පිළිබඳව ද ඔහු සිහිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බලශක්ති හිඟය පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා තානාපතිවරයා දැනුම්වත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම මෙන්ම මූල්‍ය ආධාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙමින් පවතින සාකච්ඡා  ඇතුළුව, වත්මන් තත්ත්වය කඩිනමින් මැඩපැවැත්වීම සඳහා  ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ පියවර පිළිබඳව ද ඔහු විසින් තානාපතිවරයා දැනුම්වත් කළ බවයි විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම දුෂ්කර වාතාවරණය හමුවේ පැන නැගී ඇති මූල්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් චීනයේ වැඩිදුර සහය ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උද්ගත වෙමින් පවතින තත්ත්වය කොළඹ සහ බීජිං හි පිහිටි චීන තානාපති කාර්යාල සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

චීන රජයේ සෘජු සහයෝගය, කලාපීය රජයේ සහයෝගය සහ චීන රතු කුරුස සංවිධානයේ සහයෝගය ඇතුළුව හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සිය සහය ලබා දෙන බවට තානාපතිවරයා සහතික වී තිබෙනවා.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) සහල් ටොන් 5000ක්, ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව RMB මිලියන 200ක හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

තවද, යුනාන් පළාත ශ්‍රී ලංකාවට RMB මිලියන 1.5ක ආහාර පැකේජ පරිත්‍යාග කරන බව ද නිවේදනය කර තිබෙනවා.

චීන රජය ශ්‍රී ලංකාවට ලබා දෙන නොසැලෙන සහ ස්ථිර සහයෝගය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා චීනය වෙත ශ්‍රී ලංකාවේ ගැඹුරු කෘතඥතාව පළ කළා.

පුද්ගල හුවමාරු, බහුපාර්ශ්වික සංසද හමුවේ සහයෝගය ලබා දීම, දරිද්‍රතාවය තුරන් කිරීම වැනි කරුණු කෙරෙහි ද මෙම හමුවේ දී අවධානය යොමු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?