චීනයෙන් පරිත්‍යාග කළ ඖෂධ තොගයක් සෞඛ්‍ය ඇමතිට භාරදෙයි

චීනයෙන් පරිත්‍යාග කළ රුපියල් බිලියන 1.8 ක් වටිනා ඖෂධ තොගයක් චීන තානාපතිවරයා අතින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත භාරදීම ඊයේ (27) සිදු කෙරුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මෙම ඖෂධ තොගය භාරදීම සිදු කෙරුණු අතර, චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 02 වන කොටස ලෙසයි මෙම ඖෂධ තොගය මෙරටට හිමි වුණේ.

වකුගඩු, ජලභීතිකා, පෙනහළු ආසාදන, පිළිකා ආදී රෝගයන් සඳහා මෙන්ම ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් මෙලෙස හිමි වූ ඖෂධ තොගයට ඇතුළත් .

චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන කොටසේ මේ වන විට රුපියල් බිලියන 03ක ඖෂධ තොගයක් මෙරටට ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?