චැම්පියන්ස් කුසලානයේ ඉන්දීය සංචිතය ප්‍රකාශ කිරීම හෙට

එළඹෙන චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය හෙට (18) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

අනතුරුව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කර් මුම්බායි හි දී මාධ්‍ය හමුවකට එක්වන බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුව සඳහා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් එක් නොවන බවයි වාර්තා වන්නේ.

චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 19 සිට මාර්තු 09 දක්වා පාකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර, ඉන්දියාව දෙමුහුන් ආකෘතියක් යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පමණක් තරඟ ක්‍රීඩා කරනු ඇති.

තරගවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගීවන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව පෙබරවාරි 20 වන දින පැවැත්වෙන අතර, ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි 23 වන දින ඩුබායි හිදීයි.

මූලික වටයේ ඉන්දීය කණ්ඩායම සහභාගීවන අවසන් තරගය මාර්තු 2 වන දින නවසීලන්තයට එරෙහිව පැවැත් වෙනවා.

මේ අතර එරට පාලක මණ්ඩලය විසින් “විනය සහ එකමුතුකම” ප්‍රවර්ධනය කිරීම සඳහා කරුණු 10 කින් යුත් ප්‍රතිපත්තියක් ඊයේ (16) දිනයේ එළිදක්වනු ලැබුවා.

දේශීය ක්‍රිකට් තරග අනිවාර්ය කිරීම, පවුල් සහ පුද්ගලික කාර්ය මණ්ඩලය සංචාර සඳහා එක්කර ගැනීම සීමා කිරීම ඇතුළු කරුණු එහි ඇතුළත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22