චැම්පියන්ස් කුසලානයට දකුණු අප්‍රිකාවෙන් ප්‍රබල සංචිතයක්

එළඹෙන චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ටෙම්බා බවුමා විසින් මෙහෙයවනු ලබනවා.

2023 වසරේ පැවති එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් දසදෙනෙකු මෙම සංචිතය ඇතුළත් වීමද විශේෂතයක්.

මෙම සංචිතයට වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත් කර ඇති අතර, විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු එක්කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව චැම්පියන්ස් කුසලානයේ B කාණ්ඩයේ තරග වදින අතර, පෙබරවාරි 21 වන දින කරච්චි හිදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඔවුන්ගේ පළමු තරගය පැවැත්වෙනවා.

ඉන්පසු ඔවුන් පෙබරවාරි 25 වන දින රාවල්පින්ඩි හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කරන අතර,මූලික වටයේ ඔවුන්ගේ අවසන් තරඟය මාර්තු 01 වන දින එංගලන්තයට එරෙහිව පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

2025 චැම්පියන්ස් කුසලානය පෙබරවාරි 19 වන දින ආරම්භ වන අතර, මෙවර තරගාවලිය පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී දෙමුහුන් ආකෘතිය යටතේ පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකානු සංචිතය – ටෙම්බ ​​බවුමා (නායක), ටෝනි ද සෝර්සි, මාර්කෝ ජැන්සන්, හෙන්රිච් ක්ලාසන්, කේෂව් මහාරාජ්, ඒඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, වියාන් මෝල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නොර්ට්ජේ, කගිසෝ රබාඩා, රයන් රිකල්ටන්, ටබ්‍රයිස් ෂම්සි, ට්‍රිස්ටන් ස්ටබ්ස්, රසී වැන් ඩර් ඩුසන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?