චැම්පියන්ස් කුසලානයට දකුණු අප්‍රිකාවෙන් ප්‍රබල සංචිතයක්

එළඹෙන චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ටෙම්බා බවුමා විසින් මෙහෙයවනු ලබනවා.

2023 වසරේ පැවති එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් දසදෙනෙකු මෙම සංචිතය ඇතුළත් වීමද විශේෂතයක්.

මෙම සංචිතයට වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත් කර ඇති අතර, විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු එක්කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව චැම්පියන්ස් කුසලානයේ B කාණ්ඩයේ තරග වදින අතර, පෙබරවාරි 21 වන දින කරච්චි හිදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඔවුන්ගේ පළමු තරගය පැවැත්වෙනවා.

ඉන්පසු ඔවුන් පෙබරවාරි 25 වන දින රාවල්පින්ඩි හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කරන අතර,මූලික වටයේ ඔවුන්ගේ අවසන් තරඟය මාර්තු 01 වන දින එංගලන්තයට එරෙහිව පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

2025 චැම්පියන්ස් කුසලානය පෙබරවාරි 19 වන දින ආරම්භ වන අතර, මෙවර තරගාවලිය පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී දෙමුහුන් ආකෘතිය යටතේ පැවැත්වෙනවා.

දකුණු අප්‍රිකානු සංචිතය – ටෙම්බ ​​බවුමා (නායක), ටෝනි ද සෝර්සි, මාර්කෝ ජැන්සන්, හෙන්රිච් ක්ලාසන්, කේෂව් මහාරාජ්, ඒඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, වියාන් මෝල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නොර්ට්ජේ, කගිසෝ රබාඩා, රයන් රිකල්ටන්, ටබ්‍රයිස් ෂම්සි, ට්‍රිස්ටන් ස්ටබ්ස්, රසී වැන් ඩර් ඩුසන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14