Indian Premier League

චාමර සම්පත්ට ඇප

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නීති නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් කර තිබෙන බවත්, සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව සැකකාර මන්ත්‍රී චාමර සම්පත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු වෙනත් නඩුවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් වී ඇති නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඔහුට හැකියාවක් නොමැති බවත් පැවසුවා.

ඒ, අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට නියෝග කරනු ලැබුවා.

ඇපකරුවන් සැකකරුගේ ළඟම ඥාතීන් විය යුතු බවත් ඔවුන් විසින් ඇප තැබීමේ දී පදිංචිය තහවුරු කෙරෙන සහතික ඉදිරිපත් කළ යුතු බවටත් මහේස්ත්‍රාත්වරිය නියම කර සිටියා.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කෙරුණා.

ඉන් අනතුරුව නඩුව ජුනි මස 17 වනදා යළි කැඳවීමටයි නියම කළේ.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මෙම සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හෙයින් ඔහුට අද (07) සහ හෙට (08) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට බන්ධනාගාර බලධාරීන් අවසර දී ඇති බව පැවසුවා.

ඒ, අනුව සැකකරු පාර්ලිමේන්තු රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට බාධාවක් නොමැති බවත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල අධිකරණය ඊයේ (08) නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08

?