චාමර සම්පත්ට ඇප

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නීති නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් කර තිබෙන බවත්, සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව සැකකාර මන්ත්‍රී චාමර සම්පත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු වෙනත් නඩුවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් වී ඇති නිසා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඔහුට හැකියාවක් නොමැති බවත් පැවසුවා.

ඒ, අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට නියෝග කරනු ලැබුවා.

ඇපකරුවන් සැකකරුගේ ළඟම ඥාතීන් විය යුතු බවත් ඔවුන් විසින් ඇප තැබීමේ දී පදිංචිය තහවුරු කෙරෙන සහතික ඉදිරිපත් කළ යුතු බවටත් මහේස්ත්‍රාත්වරිය නියම කර සිටියා.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කෙරුණා.

ඉන් අනතුරුව නඩුව ජුනි මස 17 වනදා යළි කැඳවීමටයි නියම කළේ.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මෙම සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හෙයින් ඔහුට අද (07) සහ හෙට (08) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට බන්ධනාගාර බලධාරීන් අවසර දී ඇති බව පැවසුවා.

ඒ, අනුව සැකකරු පාර්ලිමේන්තු රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට බාධාවක් නොමැති බවත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල අධිකරණය ඊයේ (08) නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28