AFC Banner
AFC Banner
Empty Ad

චාමර වීරසිංහගෙන් විශේෂ සටහනක්

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් පසුවන ගායන ශිල්පී චාමර වීරසිංහ වෙනුවෙන් මුදල් අවශ්‍ය බවට පවසමින් මුදල් එක් රැස් කිරීමේ ජාවාරමක් සිදු වන බවට තොරතුරු ලැබී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඔහුගේ නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ එවැනි මුදල් එක් රැස් කිරීමේ ක්‍රියාවක් කිසිදු අයුරකින් සිදු නොකරන බවයි.

එලෙස මුදල් එක් රැස් කිරීමේ නිරතවන අය පිළිබඳ තොරතුරු ඇත්නම් දැනුවත් කරන ලෙසටයි චාමර වීරසිංහගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ දැනුම්දී ඇත්තේ.

පසුගිය 17 වනදා පස්වරුවේ චාමර වීරසිංහ කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබුණේ ශ්වසන ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබුවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේවන විට ගායන ශිල්පියා සුවය ලබමින් පසුවන බවයි.

Chamara FB Post
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?