චමල් රාජපක්ෂට අලුත් තනතුරක්

නව වැනි පාර්ලිමේන්තුවේ සව්වැනි සභාවාරයේ, ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නිතරඟයෙන් තේරී පත් වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා චමල් රාජපක්ෂ මහතාගේ නම සභාපතිවරයා ලෙස යෝජනා කළ අතර රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතායි එය ස්ථිර කළේ.

මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේදී කමිටුවට ඉදිරිපත්වී අවසන් කිරීමට නොහැකි වූ කරුණු කිහිපයක් පිළිබඳ ඉදිරියේදී සලකා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් මෙම කමිටුවේ සම්බන්ධීකරණයෙන් වැඩමුලුවක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම ආචාරධර්ම සහ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් පැවැත්වීමටද කාරක සභාවේදී තීරණය වුණා.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන කණක හේරත්, අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, ජී. ජී. පොන්නම්බලම්, කෝකිලා ගුණවර්ධන සහ සමන්ප්‍රිය හේරත් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?