චමල්ට සාටකය අමතක වෙලා ?

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ අද(05) පාර්ලිමේන්තුවට රාජපක්ෂ පවුලේ දේශපාලන සංකේතය ලෙස සැලකෙන කුරහන් සාටකය නොපැළද පැමිණ ඇති බවට වාර්තා වේ.

සාටකය නොමැතිව හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු ලොබියේ ගමන් කරන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට “සාටකය වැඩක් නැහැ. ඇඳුම නේ ඕනේ” යනුවෙන් පවසා තිබේ.

අනතුරුව හිටපු අමාත්‍යවරයා ඉදිරියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද සාටකය නැත්තේ මන්දැයි ප්‍රශ්න කළ විය “අපි ස්වාධීනයි” යනුවෙන් පවසා ඉන් පිටව ගොස් තිබේ.