චීනය සහ රුසියාව එක්ව චන්ද්‍රයා ආසන්නයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.
මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අදාළ ගිවිසුම් අත්සන් තැබීම දෙපාර්ශවය අතර පසුගියදා සිදුවූ බවයි රුසියා අභ්‍යවකාශ නියෝජිත ආයතනය වන රොස්කොස්මොස් ආයතනය සදහන් කර ඇත්තේ. මෙම මධ්‍යස්ථානය වෙනත් රටවලටද භාවිත කිරීමටද හැකිවන ආකාරයෙන් නිර්මාණය කිරීම සදහා දෙපාර්ශවයම එකග වී තිබෙනවා. රුසියාව මිනිසෙකු අභ්‍යවකාශයට යවා වසර හැටක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. සද මත පවතින තත්ත්වය පිළිබද පූර්ණ විද්‍යාත්මක ගවේෂණයක් සිදු කිරීමට නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය උපකාරී වනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1