චණ්ඩි පාට් දමා රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරු පොලිසිය එනකොට දුරකථන කුළුණක් උඩ (ඡායාරූප)

ගල්කිස්ස පීරිස් පාරේ එළවළු වෙළෙඳ සැලකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී එහි හිමිකරුගේ රුපියල් ලක්ෂ 60කට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙහිවල ප්‍රදේශයේ දුරකථන කුළුණක් මත නැග සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සැකකරු සමඟ එම කොල්ලකෑමට පැමිණි අනෙක් සැකකරු රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා රන් ආභරණ සමඟ මීට පෙර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අද අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය සොයන බවට දැන ගැනීමට ලැබීම හේතුවෙන් දෙහිවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක පිහිටි අඩි 250ක් පමණ උසැති දුරකථන කුළුණකට නැග අට්ටාලයක් සාදාගෙන අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ වෙනත් පුද්ගලයෙකු සැකකරු නැග සිටි   දුරකථන කුළුණ මතට යවා ජංගම දුරකථනය හරහා ඔහු සමග සම්බන්ධ වී උපක්‍රමශීලීව සැකකරු බිමට බස්සවා ගෙන අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු පොල්ගස්ඕවිට, හල්පිට පාසල් මාවතේ පදිංචිකරුවෙක්.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන කොල්ලකෑ රන් ආභරණ සොයා ගැනීම සඳහා දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

5 2
6 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
2
+1
1
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22