AFC Banner
Empty Ad
Empty Ad

ඝාතනයකට සම්බන්ධ සිව් දෙනෙකුට මරණ දඬුවම හිමිවෙයි

ගල් හා පොලු මුගුරුවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවන් 4 දෙනකුට අද (30) මරණ දඬුවම් නියම කළා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳිගේ මහතා විසින්.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන් සිව්දෙනකුටයි.

2013 වසරේ ඔරුගොඩවත්ත සාන්තවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී මරා දැමීමේ චෝදනාවට විත්තිකරුවන් 6 දෙනකුට එරෙහි ව කොළඹ මහාධිකරණයේ දී චෝදනා එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් නඩුවේ 2 වැනි විත්තිකරු නඩු විභාගය අතරතුර දී මිය ගොස් තිබෙනවා.

නඩුවේ 6 වැනි විත්තිකරු ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නඩුවෙන් නිදහස් වුණා.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහි ව අධිචෝදනා 4ක් යටතේ 2017 දී නඩු පැවරා චෝදනා ගොනු කර තිබුණා.

නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර ඇති බව ප්‍රකාශ කරමින් විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?