ගෞතම් අදානි මෙරට ඉදි කිරීමට යෝජිත වූ සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මෙරට ඉදිකිරීමට යෝජිත පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් ඉවත් ව තිබෙනවා.

අදානි ග්‍රීන් එනර්ජි සමාගම අදාළ දැනුම්දීම මෙරට ආයෝජන මණ්ඩලයට (BOI) දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

වසර 20ක කාලයක් සඳහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණේ 2022 මැයි මස 07 වැනි දිනයි.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන අදානි සමාගමට අයත් සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිල දී ගැනීම සඳහා මෙම අනුමැතිය එදින පාලනයෙන් අනුමත කළා.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිල දී ගැනීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය එලෙස අනුමැතිය දුන් අතර එම කාල වකවානුවේ දී විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම ගිවිසුම අවබෝධතා ගිවිසුමක් ලෙස සැලකුණු අතර මෙම ව්‍යාපෘතියෙනුයි කෝටිපති ව්‍යාපාරික සමාගම මෙලෙස ඉවත් වන බව ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය වෙත දැනුම්දී ඇත්තේ.

අමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ තක්සේරු වටිනාකමකින් යුත් මෙම නව ව්‍යාපෘතිය හරහා 2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී තිබුණා.

2 1 723x1024 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?