ගෞතම් අදානි මෙරට ඉදි කිරීමට යෝජිත වූ සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මෙරට ඉදිකිරීමට යෝජිත පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් ඉවත් ව තිබෙනවා.

අදානි ග්‍රීන් එනර්ජි සමාගම අදාළ දැනුම්දීම මෙරට ආයෝජන මණ්ඩලයට (BOI) දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

වසර 20ක කාලයක් සඳහා ඉන්දීය අදානි ග්‍රීන් එනර්ජි සමාගමෙන් විදුලිය මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණේ 2022 මැයි මස 07 වැනි දිනයි.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන අදානි සමාගමට අයත් සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිල දී ගැනීම සඳහා මෙම අනුමැතිය එදින පාලනයෙන් අනුමත කළා.

මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිල දී ගැනීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය එලෙස අනුමැතිය දුන් අතර එම කාල වකවානුවේ දී විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම ගිවිසුම අවබෝධතා ගිවිසුමක් ලෙස සැලකුණු අතර මෙම ව්‍යාපෘතියෙනුයි කෝටිපති ව්‍යාපාරික සමාගම මෙලෙස ඉවත් වන බව ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය වෙත දැනුම්දී ඇත්තේ.

අමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ තක්සේරු වටිනාකමකින් යුත් මෙම නව ව්‍යාපෘතිය හරහා 2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී තිබුණා.

2 1 723x1024 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48