ගෝලීය දකුණ ගැන චීනය වඩාත් විමසිල්ලෙන් – ෂී ජිං පිං කියයි

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුව ද, සැමවිටම චීනය ගෝලීය දකුණ පිළිබඳ සැලකිලිමත් බව ජනපති ෂී ජින්පිං බ්‍රික්ස් සමුළුවේ දී අවධාරණය කර තිබෙනවා.

රුසියාවේ Kazan හි දී පැවති බ්‍රික්ස් ප්ලස් රාජ්‍ය නායකයන්ගේ සංවාදයට එක් වෙමින් චීන ජනපතිවරයා මේ බව සඳහන් කළා.

“ගෝලීය දකුණේ බලවත් බලවේග එක්රැස් කර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම” යන මැයෙන් චීන ජනාධිපතිවරයා එහිදී විශේෂ දේශනයක් පවත්වනු ලැබුවා.

සාමය තහවුරු කිරීමෙන් පොදු ආරක්ෂාව ඉටු කිරීම, සංවර්ධනය පුනර්ජීවනය කිරීමෙන් විශ්වීය සමෘද්ධිය සාක්ෂාත් කිරීම, එක්ව ශිෂ්ටාචාරයන් නැංවීමෙන් විවිධත්වයේ සමගිය ‍ගොඩනැගීම යන කරුණු චීන ජනපතිවරයාගේ දේශනයේ දී මූලිකව මතු කෙරුණා.

ඔහු එහිදී පෙන්වා දුන්නේ, ගෝලීය දකුණේ බලවේගවල සාමූහික නැගීම, ලෝකයේ විශාල වෙනස්කමක පැහැදිලි සලකුණක් බවයි.

එමෙන්ම ගෝලීය දකුණේ රටවල් ඒකාබද්ධව නවීකරණයට පිවිසීම ලෝක ඉතිහාසයේ ප්‍රධාන සිදුවීමක් වන බවත්, එය මානව ශිෂ්ටාචාර ක්‍රියාවලියේ පෙර නොවූ විරූ ජයග්‍රහණයක් බවත් ජනපති ෂී ජින්පිං මෙහිදී සඳහන් කළා.

විවිධ රටවල් අතර මානව හා සංස්කෘතික හුවමාරු සහ රාජ්‍ය පාලනය පිළිබඳ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සඳහා, ගෝලීය දකුණේ බුද්ධි මණ්ඩලවල සහයෝගීතා සංගමයක් පිහිටුවීමට ද චීනය පෙරමුණ ගනු ඇති බවයි ෂී ජින්පිං එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බ්‍රික්ස් සමූහයට එක් වෙමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය, දකුණේ රටවලට වඩා වැඩි සහායක් ලබාදෙන බවත් ඔහු මෙහිදී අවධාරණය කිරීම වඩාත් කැපී පෙනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?