ගෝලීය දකුණ ගැන චීනය වඩාත් විමසිල්ලෙන් – ෂී ජිං පිං කියයි

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුව ද, සැමවිටම චීනය ගෝලීය දකුණ පිළිබඳ සැලකිලිමත් බව ජනපති ෂී ජින්පිං බ්‍රික්ස් සමුළුවේ දී අවධාරණය කර තිබෙනවා.

රුසියාවේ Kazan හි දී පැවති බ්‍රික්ස් ප්ලස් රාජ්‍ය නායකයන්ගේ සංවාදයට එක් වෙමින් චීන ජනපතිවරයා මේ බව සඳහන් කළා.

“ගෝලීය දකුණේ බලවත් බලවේග එක්රැස් කර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම” යන මැයෙන් චීන ජනාධිපතිවරයා එහිදී විශේෂ දේශනයක් පවත්වනු ලැබුවා.

සාමය තහවුරු කිරීමෙන් පොදු ආරක්ෂාව ඉටු කිරීම, සංවර්ධනය පුනර්ජීවනය කිරීමෙන් විශ්වීය සමෘද්ධිය සාක්ෂාත් කිරීම, එක්ව ශිෂ්ටාචාරයන් නැංවීමෙන් විවිධත්වයේ සමගිය ‍ගොඩනැගීම යන කරුණු චීන ජනපතිවරයාගේ දේශනයේ දී මූලිකව මතු කෙරුණා.

ඔහු එහිදී පෙන්වා දුන්නේ, ගෝලීය දකුණේ බලවේගවල සාමූහික නැගීම, ලෝකයේ විශාල වෙනස්කමක පැහැදිලි සලකුණක් බවයි.

එමෙන්ම ගෝලීය දකුණේ රටවල් ඒකාබද්ධව නවීකරණයට පිවිසීම ලෝක ඉතිහාසයේ ප්‍රධාන සිදුවීමක් වන බවත්, එය මානව ශිෂ්ටාචාර ක්‍රියාවලියේ පෙර නොවූ විරූ ජයග්‍රහණයක් බවත් ජනපති ෂී ජින්පිං මෙහිදී සඳහන් කළා.

විවිධ රටවල් අතර මානව හා සංස්කෘතික හුවමාරු සහ රාජ්‍ය පාලනය පිළිබඳ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සඳහා, ගෝලීය දකුණේ බුද්ධි මණ්ඩලවල සහයෝගීතා සංගමයක් පිහිටුවීමට ද චීනය පෙරමුණ ගනු ඇති බවයි ෂී ජින්පිං එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බ්‍රික්ස් සමූහයට එක් වෙමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය, දකුණේ රටවලට වඩා වැඩි සහායක් ලබාදෙන බවත් ඔහු මෙහිදී අවධාරණය කිරීම වඩාත් කැපී පෙනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21