මේ වනවිටත් ආණ්ඩුවේ යාන්ත්‍රණය තුළ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (03) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සඳහන් කළා.
2020 වසරේ දී ද මෙවැනිම කුණාටුවක් ලංකාවට පැමිණි බවත් ඒ සඳහා එවකට පැවති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය පිළිබද වර්තමාන ආණ්ඩුව අධ්‍යනය කළ යුතු බව මෙහිදී මන්ත්‍රීවරයා පවසා සිටියා.
”2020 මෙවැනිම කුණාටුවක් ලංකාවට එනවා කියලා දැනුම් දුන්නම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඒකට මුහුණ දෙන්න සූදානම් වුණ ආකාරය පිළිබදව පොඩ්ඩක් අධ්‍යනය කරන්න.” යැයි නාමල් රාජපක්ෂ, මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
2
+1
46
+1
3
+1
1
+1
2
+1
9





