ගේ හදන්න ආව බාස් ලක්ෂ 20ක රන් බඩු උස්සලා

වස්කඩුව ප්‍රදේශයේ නිවසක ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණි පෙදරේරුවෙකු එම නිවසේ අල්මාරියේ තබා තිබූ රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමක් සහිත රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියකට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිසිය විසින් සැකකරු ව අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී රන් භාණ්ඩ අලෙවි කර මිලට ගත් රන් ගුලි තොගයක් ද සොයා ගැනුණා.

සැකකරු විසින් පැමිණිලිකරුට අයත් යාබද දෙමහල් නිවසේ ඉහළ මහලේ ඉදිකිරීමේ කටයුතු සිදු කරමින් සිටියදී අල්මාරියේ තිබූ රන්මාල දෙකක්, වළලු දෙකක්, අත් පළඳනාවක්, මුදු දෙකක් ඇතුළු රන් භාණ්ඩ මෙලෙස සොරකම් කර, අඩු මිලකට විකුණා ඇති බවයි හෙළි ව ඇත්තේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?