නිවස තුළ සූදූපොළක් පවත්වාගෙන ගිය ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමඟි ජන බලවේග මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සමඟ සූදූ කෙළිමින් සිටි පුද්ගලයින් 14 දෙනෙක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාර මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේ දී දඩමස් කිලෝ 07ක් ද සොයාගැනුණු බවයි පොලිසිය පැවසුවේ.
ඉපලෝගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඊයේ (04) දින මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (05) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එහිදී අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තඹුත්තේගම විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පුද්ගලයකු නිසාවෙන් මහේස්ත්‍රාත්වරිය කරුණු විමසාබලා මන්ත්‍රීවරයා මේ මස 12 වන දින දක්වා රක්ෂිතය බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.





