ගේ ඇතුළේ සූදුපොළක් කරගෙන ගිය සජබ මන්ත්‍රී හිරේ – දඩමසුත් සොයාගෙන

නිවස තුළ සූදූපොළක් පවත්වාගෙන ගිය ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමඟි ජන බලවේග මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සමඟ සූදූ කෙළිමින් සිටි පුද්ගලයින් 14 දෙනෙක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාර මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේ දී දඩමස් කිලෝ 07ක් ද සොයාගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

ඉපලෝගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඊයේ (04) දින මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (05) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තඹුත්තේගම විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පුද්ගලයකු නිසාවෙන් මහේස්ත්‍රාත්වරිය කරුණු විමසාබලා මන්ත්‍රීවරයා මේ මස 12 වන දින දක්වා රක්ෂිතය බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51