ගෙවුණු පැය 24 තුළ බමන මතින් වාහන පැදපු 251ක් කූඩුවට

ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථවාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ රියදුරන් 251 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අනුව මෙම විශේෂ රථවාහන මෙහෙයුම යටතේ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් ඇතුළුව සමස්ත රියදුරන් 8,747කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

උත්සව සමයේ රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් යුතුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ඉකුත් 23 වනදා සිට මෙම විශේෂ රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර පසුගිය පැය 24 තුළ දිවයිනේ කිසිදු මාරක රිය අනතුරක් සිදුව නොමැති බව ද පොලීසිය පැවසුවා.

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා මෙම රථවාහන මෙහෙයුම සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු අනතුරින් 4ක් එළොව යයි
00:39
Video thumbnail
මෙන්න හොරට තෙල් අදින හැටි..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
00:37
Video thumbnail
ඉදිරියේදී බරපතළ විදුලි කප්පාදුවක් ?මම කියන්නේ පට්ටපල් බොරු නෙවෙයි
04:35
Video thumbnail
කොහොමද තෙල් වලට දෙන ෂොට් එක..මිනිස්සු පෝළිම්වල දුක් විදිනවා..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
01:07
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22