ගෙවී ගිය සතියට ඩෙංගු රෝගීන් 1,896ක් – වසර 14කට පසු ඩෙංගු තුන්වන ප්‍රභේදය

ගෙවී ගිය සතියක කාලය තුළ ඩෙංගු රෝගීන් 1,896 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන සදහන් කරනවා.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට තිබුණත් එම තත්ත්වය ඩෙංගු මර්ධන ක්‍රියාවළිය නතර
කිරීමට හේතුවක් නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කරනවා.

ගෙවී ගිය සතිය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් 405ක්,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 394ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 130ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 108ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 67ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 156ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය පසුගිය සතියේ වාර්තා වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිශතයක් බවද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

ඩෙංගු තුන්වන ප්‍රභේදය මෙරටින් වාර්තා වී ඇත්තේ වසර 14 කට පසුව බවත්, මෙම තත්ත්වය හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් ද ජනතාව අවදානය යොමු කළ යුතුව ඇතැයිඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර එළඹෙන ජුනි මාසය වනවිට ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?