ගෙවී ගිය සතියට ඩෙංගු රෝගීන් 1,896ක් – වසර 14කට පසු ඩෙංගු තුන්වන ප්‍රභේදය

ගෙවී ගිය සතියක කාලය තුළ ඩෙංගු රෝගීන් 1,896 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන සදහන් කරනවා.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට තිබුණත් එම තත්ත්වය ඩෙංගු මර්ධන ක්‍රියාවළිය නතර
කිරීමට හේතුවක් නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කරනවා.

ගෙවී ගිය සතිය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් 405ක්,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 394ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 130ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 108ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 67ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 156ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය පසුගිය සතියේ වාර්තා වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිශතයක් බවද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

ඩෙංගු තුන්වන ප්‍රභේදය මෙරටින් වාර්තා වී ඇත්තේ වසර 14 කට පසුව බවත්, මෙම තත්ත්වය හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් ද ජනතාව අවදානය යොමු කළ යුතුව ඇතැයිඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර එළඹෙන ජුනි මාසය වනවිට ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10