spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෙවල් සුද්ද කළ හොරා මාට්ටු (ඡායාරූප)

නිවාස සහ සුපිරි වෙළඳසැලකට ඇතුළු වී රුපියල් ලක්ෂ 10ක පමණ දේපළ සොරාගත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහයි මිලිගෑම් 200ක් සමඟ මීගොඩ, හල්බරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසනවා.

එහිදී සකකරු සොරාගෙන තිබූ ජංගම දුරකථන 09ක්, අත් ඔරලෝසු 05ක්, කැමරා 07ක්, විදේශීය කාසි, රිදී භාණ්ඩ, ආලේපන වර්ග තොගයක් සහ අඟල් 32 රූපවාහිනී යන්ත්‍රයක් පොලිසියට සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මීගොඩ , බණ්ඩාරගම, හොරණ සහ මොරගහහේන පොලිස් වසම්වල නිවාස හතරකට සහ සුපිරි වෙළඳසැලකට ඇතුළු වී සැකකරු මෙම භාණ්ඩ සොරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් සොරාගත් දේපළවලින් ආලේපන වර්ග හෝමාගම ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකට අඩු මුදලට ලබා දී ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

එලෙස විකුණා ලබාගත් මුදල්මවලින් මත්ද්‍රව්‍ය පානය කර තිබූ බවත්, සොරාගත් අනෙකුත් භාණ්ඩ සැකකරු ලබාදුන් ප්‍රකාශ මත නිවසේ සඟවා තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, ඔහු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?