ගෙවල් සුද්ද කළ හොරා මාට්ටු (ඡායාරූප)

නිවාස සහ සුපිරි වෙළඳසැලකට ඇතුළු වී රුපියල් ලක්ෂ 10ක පමණ දේපළ සොරාගත් පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහයි මිලිගෑම් 200ක් සමඟ මීගොඩ, හල්බරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසනවා.

එහිදී සකකරු සොරාගෙන තිබූ ජංගම දුරකථන 09ක්, අත් ඔරලෝසු 05ක්, කැමරා 07ක්, විදේශීය කාසි, රිදී භාණ්ඩ, ආලේපන වර්ග තොගයක් සහ අඟල් 32 රූපවාහිනී යන්ත්‍රයක් පොලිසියට සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මීගොඩ , බණ්ඩාරගම, හොරණ සහ මොරගහහේන පොලිස් වසම්වල නිවාස හතරකට සහ සුපිරි වෙළඳසැලකට ඇතුළු වී සැකකරු මෙම භාණ්ඩ සොරාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් සොරාගත් දේපළවලින් ආලේපන වර්ග හෝමාගම ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකට අඩු මුදලට ලබා දී ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

එලෙස විකුණා ලබාගත් මුදල්මවලින් මත්ද්‍රව්‍ය පානය කර තිබූ බවත්, සොරාගත් අනෙකුත් භාණ්ඩ සැකකරු ලබාදුන් ප්‍රකාශ මත නිවසේ සඟවා තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, ඔහු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27