අත්තනගලු ඔය අසල කුඩා පැලක සිටි කාන්තාවක ඔයේ සැඩ පහරට අසු වී ගසා ගෙන යද්දී පැය හතරක මෙහෙයුමකින් පසු දිවි බේරා ගත් පුවතක් වාර්තා වනවා.
කේ. කරුණාවතී නැමැති මෙම කාන්තාව පෙරදින රාත්රී නිදා ගෙන සිටියදී දැඩි වර්ෂාවත් සමග ගලා ආ මහා ජල පහරකට අසු වී අතුපැලත් සමග ගසා ගෙන යද්දී ඔයට නැමී තිබූ අත්තක එල්ලී කෑ ගසා තිබුණා.
එම සද්දය ඇසි අසල්වාසීන් පිරිසක් එම ස්ථනයට පැමිණියත් ඇය බේරා ගැනීමට නොහැකිවූ නිසා වහා ක්රියාත්මක වී 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මේ බව දන්වා තිබෙනවා.
ඒ අනුව නිට්ටඹුව පොලීසියේ පොලිස් සැරයන්වරුන් පැමිණ පිහිනීමට දක්ෂ අසංක නිරෝෂන්ට දුරකථන ඇමතුමක් දී ඇති බව වාර්තා වනවා.
ඔහු විනාඩි දහයකටත් වඩා අඩු කාලයකදී එම ස්ථානයට පැමිණ මහා සැඩ පහරට පැන පැය හතරකටත් වඩා වැඩි කාලයක් දැඩි පරිශ්රමයක් දරා එම කාන්තාව ඔයෙන් ගොඩ ගෙන වතුපිටිවල රෝහලට රැගෙන ගොස් දිවි බේරා තිබෙනවා.