ගෙයත් සමග ඔයේ ගසාගෙන ගිය අම්මාට ජීවිතය දුන් මිනිස්සු

අත්තනගලු ඔය අසල කුඩා පැලක සිටි කාන්තාවක ඔයේ සැඩ පහරට අසු වී ගසා ගෙන යද්දී පැය හතරක මෙහෙයුමකින් පසු දිවි බේරා ගත් පුවතක් වාර්තා වනවා.

කේ. කරුණාවතී නැමැති මෙම කාන්තාව පෙරදින රාත්‍රී නිදා ගෙන සිටියදී දැඩි වර්ෂාවත් සමග ගලා ආ මහා ජල පහරකට අසු වී අතුපැලත් සමග ගසා ගෙන යද්දී ඔයට නැමී තිබූ අත්තක එල්ලී  කෑ ගසා තිබුණා.

එම සද්දය ඇසි අසල්වාසීන් පිරිසක් එම ස්ථනයට පැමිණියත් ඇය බේරා ගැනීමට නොහැකිවූ නිසා වහා ක්‍රියාත්මක වී 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මේ බව දන්වා තිබෙනවා.

ඒ අනුව නිට්ටඹුව පොලීසියේ පොලිස් සැරයන්වරුන් පැමිණ පිහිනීමට දක්ෂ අසංක නිරෝෂන්ට දුරකථන ඇමතුමක් දී ඇති බව වාර්තා වනවා.

ඔහු විනාඩි දහයකටත් වඩා අඩු කාලයකදී එම ස්ථානයට පැමිණ මහා සැඩ පහරට පැන පැය හතරකටත් වඩා වැඩි කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා එම කාන්තාව ඔයෙන් ගොඩ ගෙන වතුපිටිවල රෝහලට රැගෙන ගොස් දිවි බේරා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43