ගෙපැළ කපමින් සිටි දරුවන් දෙදෙනාට අකුණු සැර වැදෙයි – නංගි මරුට; අයියා රෝහලට

පැල්පත් නිවසක් අසල භූමියක ගෙපොළක් කපමින් සිටියදී එල්ල වූ අකුණු සැර පහරකින් පාසල් සිසුවියක් මියගොස් තවත් පාසල් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීම අද (31) පස්වරුවේ සිදු ව ඇත්තේ පස්සර – අඹතැන්න ගම්මානයේ දී බවයි.

පස්සර මධ්‍ය මහා විදුහලේ 6 වසරේ ඉගෙනුම ලබන මෙවර ශිෂ්‍යත්ව විභාගයට ද පෙනී සිටි ඕ. ඒම්. ටී මධුවන්ති නමැති ශිෂ්‍යාවයි මෙලෙස මියගොස් ඇත්තේ.

බරපතළ තුවාල ලබා ඇත්තේ ඇයගේ 16 හැවිරිදි වැඩිමහල් සහෝදරයායි.

එම දරුවා ද අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බැවින් පස්සර දිසා රෝහලෙන් බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙම දරුවන් දෙදෙනා මෙතෙක් පදිංචිව සිට ඇත්තේ සිය දෙමාපියන් සමග පැල්පත් නිවසක බවත්; නව නිවසක් ඉදිකරගැනීමට ගෙපොළක් කැපීමට උදව් කරමින් සිටියදියි මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරුව ඇත්තේ.

සිද්දිය සම්බන්ධයෙ බදුල්ල පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
14
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34