AFC Banner
Empty Ad
Empty Ad

ගෙන්වීම තහනම් කෘෂි රසායනික ද්‍රව්‍ය සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවුලපිටිය පොලිසිය කළ වැටලීමකදී පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතිය නොමැතිව මෙරටට ගෙන්වීම තහනම් කරන ලද මෙම කෘෂි රසායනික තොගය ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ.

වැල්ලවාය සහ දියතලාව ප්‍රදේශවල පදිංචි මෙම පුද්ගලයන් දෙදෙනා අවුරුදු 40 සහ 45 වයස්වල පසුවනවා.

විවිධ බරින් යුත් කෘෂි රසායනික ද්‍රව්‍ය පැකට් 1950ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 1,672,500ක් පමණ වන බව සඳහන්.

සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දිවුලපිටිය පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?