Monday, January 13, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ගෙන්වන වාහනවලට වැඩියෙන් බදු ගැහුවත් සකන්ඩ් හෑන්ඩ් වාහන මිලේ ලොකු වෙනසක් නැහැ (වීඩියෝ)

මෙරට තුළ වාහන සඳහා පවතින මිල ගණන් කෘත්‍රීමව නියම වූ මිල ගණන් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

එලෙස කෘත්‍රීමව නියමව ඇති මිල ගණන් සත්‍ය මිල ගණන්වලට වඩා සිව් ගුණයකින් පමණ ඉහළ බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

මේ අතර මෙරට බැංකු පොළී අනුපාතය ඉතා පහළ අගයක පතින අවස්ථාවක රටේ අවශ්‍යතාවය තේරුම් නොගෙන වාහන ආනයනය කළහොත් රට තුළ යළිත් විදෙස් විනිමය අර්බුදයක් අත්වන බවයි ඔහු අනතුරු අඟවා සිටියේ.

එමෙන්ම රජය විසින් වාහන ආනයනය කිරීමේ දී රජය විසින් අයකරන බදු අනුපතිකයන් ඉහළ දැමීමක් සිදුකළ ද, වර්තමානයේ රට තුළ පවතින වාහනවල මිල ගණන්වල විශාල වෙනස්කම් සිදුවීමේ හැකියාවක් නොමැති බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?