ගුවන් හමුදා ලෝක ළමා දින සැමරුම 2023

සියල්ලටම වඩා දරුවන් වටි යන ලෝක ළමා දින උදෘතය තේමාකර ගනිමින් ලෝක ළමා දිනයට සමගාමිව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබු ලෝක ළමා දින සැමරුම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රදානත්වයෙන් බණ්ඩාරගම පර්ල් බේ ජල ක්‍රීඩා උද්‍යානයේ දී (Pearl Bay Water Park) පැවැත්විණ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මැතිණියගේ මගපෙන්විමෙන් සංවිධානය කරනු ලැබු මෙම ළමා දින සැමරුමි උත්සවය සදහා දරු දැරියන් 1000 ක් පමණ සහභාගි වු අතර දරු දැරියන් වෙනුවෙන් විනෝද ක්‍රිඩා රැසක් ද සංවිධානය කරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබු ගුවන් රන් දරු සිත්තමි – 2023 චිත්‍ර තරගාවළියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය කිරිමද මෙහිදි සිදු කරනු ලැබු අතර, මෙම අවස්ථාව සදහා සහභාගි වු සෑම දරුවකු හටම වටිනා ත්‍යාග පාර්සලයක් ද පිරිනමන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් මෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුලු පිරිසක් සහභාගි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?