AFC Banner
AFC Banner
Empty Ad

ගුවන් සේවා නිලධාරිනියගේ ඝාතකයා රටින් පනින්න යද්දී අල්ලයි (වීඩියෝ)

ගුවන් සේවා නිලධාරිනිය ඝාතනය කළ සැකකරු විදෙස්ගත වීමට උත්සාහ කිරීමේදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවයේ නිරත 42 හැවිරිදි දුලාංජලී අනුරුද්ධිකා මහත්මිය ඝාතනය කළ මෙම පුද්ගලයා ඊයේ දින රාත්‍රී මැලේසියාව බලා පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ.

47 හැවිරිදි මෙම පුද්ගලයා පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සකකරු ඊයේ රාත්‍රී 10.35ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අත් අඩංගුවට ගනු ලැබුවා.

ඝාතනයට ලක්වූ දුලාංජලී අනුරුද්ධිකා මහත්මිය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මූල්‍ය අංශයේ සේවයේ නිරතව සිටි අයෙක්.

වෛද්‍යවරයකු සමග විවාහවී සිටින ඇය එක් දරු මවක් වන අතර සිය සේවය නිමවා සිය නිවෙස වෙත යාම සඳහා කහතුඩුව අධිවේගී පිවිසුම වෙත පැමිණ සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව තිබුණා.

ඇය මඩපාත ප්‍රදේශයේ පදිංචිකාරියක්. අනියම් සබඳතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සැකකරු වසර කිහිපයක් විදෙස් ගතව සිට පැමිණි අයෙක් බව ද අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?