ගුවන් යානය තුළ දී සල්ලි සොරාගත් චීන්නු දෙදෙනෙක් කටුනායක දී අත්අඩංගුවට

තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක සිටි ගුවන් මගියෙකුගේ අත් බෑගය තුළ වූ මුදල් තොගයක් සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර චීන ජාතිකයන් දෙදෙනා අද (07) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරාගත් මුදල්වලින් කොටසක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ ද්විත්ව පුපුරවැසිභාවය හිමි 71 හැවිරිදි පුද්ගලයෙක් රාගම ප්‍රදේශයේ පදිංචි තම ඥාතීන් බැලීමට අද දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම පුද්ගලයා අද (07) අලුයම 12.43ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු සිය ගමන් මල්ල ගුවන් යානයෙහි ගමන් මලු රාක්කයේ තබා නිදාගෙන පැමිණ ඇති අතර,එම ගුවන් යානයෙහි සිටි සැකකාර චීන ජාතිකයන් දෙදෙනාගමන් මල්ල තුළ වූ ඇමෙරිකානු ඩොලර් 2,000ක් සහ ශ්‍රී ලංකා රුපියල් 60,000ක මුදලක් සොරාගෙන තිබෙනවා.

මෙම සොරකම දුටු අනෙකුත් ගුවන් මගීන් මේ පිළිබද ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්පසුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්ස වීමෙන් අනතුරුව ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් මෙම චීන ජාතිකයන් දෙදෙනා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහිදී ඔවුන් අත් අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවල දී මොවුන් විසින් සොරා ගත් මුදල් වලින් කොටසක් සොයා ගැනීමට ද පොලීසිය සමත් තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 369 සහ 39 යන වයස්වල පසුවන චීන ජාතිකයින් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගත සැකකාර චීන ජාතිකයින් දෙදෙනා සොරාගත් මුදල් ද සමඟ අද දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

          .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?