ගුවන් යානය තුළ දී සල්ලි සොරාගත් චීන්නු දෙදෙනෙක් කටුනායක දී අත්අඩංගුවට

තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක සිටි ගුවන් මගියෙකුගේ අත් බෑගය තුළ වූ මුදල් තොගයක් සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර චීන ජාතිකයන් දෙදෙනා අද (07) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරාගත් මුදල්වලින් කොටසක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ ද්විත්ව පුපුරවැසිභාවය හිමි 71 හැවිරිදි පුද්ගලයෙක් රාගම ප්‍රදේශයේ පදිංචි තම ඥාතීන් බැලීමට අද දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම පුද්ගලයා අද (07) අලුයම 12.43ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු සිය ගමන් මල්ල ගුවන් යානයෙහි ගමන් මලු රාක්කයේ තබා නිදාගෙන පැමිණ ඇති අතර,එම ගුවන් යානයෙහි සිටි සැකකාර චීන ජාතිකයන් දෙදෙනාගමන් මල්ල තුළ වූ ඇමෙරිකානු ඩොලර් 2,000ක් සහ ශ්‍රී ලංකා රුපියල් 60,000ක මුදලක් සොරාගෙන තිබෙනවා.

මෙම සොරකම දුටු අනෙකුත් ගුවන් මගීන් මේ පිළිබද ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්පසුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්ස වීමෙන් අනතුරුව ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් මෙම චීන ජාතිකයන් දෙදෙනා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහිදී ඔවුන් අත් අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවල දී මොවුන් විසින් සොරා ගත් මුදල් වලින් කොටසක් සොයා ගැනීමට ද පොලීසිය සමත් තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 369 සහ 39 යන වයස්වල පසුවන චීන ජාතිකයින් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගත සැකකාර චීන ජාතිකයින් දෙදෙනා සොරාගත් මුදල් ද සමඟ අද දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

          .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58