ගුවන් යානයක් තුළ තරුණ කතකට ලිංගික අතවර කළ ඉන්දියානුවෙක් කටුනායක දී අල්ලයි

ඩුබායි සිට කටුනායක බලා පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට ඉන්දීය ජාතිකයෙක්
ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට පත් කාන්තාව ඩුබායි හි විදේශීය රක්ෂණ ආයතනයක සේවය කළ මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව අද (12) අලුයම 05.25ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.ඩී.- 822 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම ගුවන් යානය තුළ සිටි 35 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක් එම කාන්තාවට ලිංගික අතවර සිදුකර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මේ පිළිබදව මෙම කාන්තාව ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර , ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සැකකාර ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් යානා කාර්යය මණ්ඩලයෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, වින්දිත කාන්තාව සහ ඉන්දීය ජාතිකයා ද වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට සැකකාර ඉන්දීය ජාතිකයා කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?