ගුවන් යානයක් තුළ තරුණ කතකට ලිංගික අතවර කළ ඉන්දියානුවෙක් කටුනායක දී අල්ලයි

ඩුබායි සිට කටුනායක බලා පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට ඉන්දීය ජාතිකයෙක්
ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අතවරයට පත් කාන්තාව ඩුබායි හි විදේශීය රක්ෂණ ආයතනයක සේවය කළ මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව අද (12) අලුයම 05.25ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.ඩී.- 822 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම ගුවන් යානය තුළ සිටි 35 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක් එම කාන්තාවට ලිංගික අතවර සිදුකර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මේ පිළිබදව මෙම කාන්තාව ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර , ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සැකකාර ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් යානා කාර්යය මණ්ඩලයෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, වින්දිත කාන්තාව සහ ඉන්දීය ජාතිකයා ද වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට සැකකාර ඉන්දීය ජාතිකයා කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18