ගුවන් යානයකදී කාන්තාවකගේ සිරුරකට මුත්‍රා කළ අයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

එයාර් ඉන්දියා ගුවන් යානයක සිටි මහලු කාන්තාවකගේ සිරුරට මුත්‍රා කළ බව කියන මුම්බායි හි පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැකකරු මුම්බායි හි පදිංචිකරුවෙකු වුව ද ඔහුගේ සේවා ස්ථානය වෙනත් ප්‍රාන්තයක පිහිටා ඇති බැවින් පොලිස් කණ්ඩායම් එහි පැමිණ සැකකරු හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවටයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය වසරේ නොවැම්බර් 26 වනදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිට නවදිල්ලිය දක්වා ගමන් කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක සිටි වයෝවෘද්ධ මගියෙකුගේ සිරුරට මුත්‍රා කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව දිල්ලි පොලිසිය සඳහන් කර තිබෙනවා.

එයාර් ඉන්දියා ආයතනයේ පැමිණිල්ලකට අනුවයි පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

සිද්ධියට අදාළ පරීක්‍ෂණ පැවැත්වෙන අතර නුදුරේදීම ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

එයාර් ඉන්දියා සමාගම ද මෙම සිද්ධියට අදාළව දින 30ක කාලයක් සඳහා සිය ගුවන් සමාගමෙන් මෙම සැකකාර මගියා තහනම් කර ඇතැයි සඳහන්.

මගියෙකුට දැඩි අපහසුතාවයක් ඇති කළ මෙම සිදුවීම ඉතා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන ඇති බවයි ගුවන් සමාගම පවසන්නේ.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එයාර් ඉන්දියා ආයතනය විසින් කාර්ය මණ්ඩලයේ අතපසුවීම් සිදුවී ඇත්දැයි සොයා බැලීමට අභ්‍යන්තර මණ්ඩලයක් ද පිහිටුවා තිබෙනවා.

කොමිසම දිල්ලි පොලිස් කොමසාරිස්වරයාගෙන් දින හතක් ඇතුළත මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ද ඉල්ලා ඇතැයි සඳහන්.

70 වැනි වියෙහි පසුවන මගී කාන්තාව මෙම අත්දැකීම අතිශය කම්පන සහගත සිදුවීමක් ලෙස හැඳින්වූ අතර ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ සිදු වූ සිද්ධිය පිළිබඳව දැඩි කලකිරීමක් පළ කරනු ලැබුවා.

දිවා ආහාරය පිළිගන්වා විදුලි පහන් නිවා දමා නිදා ගැනීමට සුදානම් වීමත් සමඟ මද වේලාවකට පසු මෙය සිදුවූ බව කාන්තාව සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

මගී කාන්තාව එම ලිපියේ සඳහන් කර ඇත්තේ ආසන වෙනස් කිරීමක් ඉල්ලා සිටි විට ගුවන් සමාගම එය ප්‍රතික්ෂේප කර ආසන නොමැති බව තමාට දැන්වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22