AFC Banner
AFC Banner
Empty Ad

ගුවන් යානයකදී කාන්තාවකගේ සිරුරකට මුත්‍රා කළ අයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

එයාර් ඉන්දියා ගුවන් යානයක සිටි මහලු කාන්තාවකගේ සිරුරට මුත්‍රා කළ බව කියන මුම්බායි හි පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැකකරු මුම්බායි හි පදිංචිකරුවෙකු වුව ද ඔහුගේ සේවා ස්ථානය වෙනත් ප්‍රාන්තයක පිහිටා ඇති බැවින් පොලිස් කණ්ඩායම් එහි පැමිණ සැකකරු හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවටයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය වසරේ නොවැම්බර් 26 වනදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිට නවදිල්ලිය දක්වා ගමන් කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක සිටි වයෝවෘද්ධ මගියෙකුගේ සිරුරට මුත්‍රා කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව දිල්ලි පොලිසිය සඳහන් කර තිබෙනවා.

එයාර් ඉන්දියා ආයතනයේ පැමිණිල්ලකට අනුවයි පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

සිද්ධියට අදාළ පරීක්‍ෂණ පැවැත්වෙන අතර නුදුරේදීම ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

එයාර් ඉන්දියා සමාගම ද මෙම සිද්ධියට අදාළව දින 30ක කාලයක් සඳහා සිය ගුවන් සමාගමෙන් මෙම සැකකාර මගියා තහනම් කර ඇතැයි සඳහන්.

මගියෙකුට දැඩි අපහසුතාවයක් ඇති කළ මෙම සිදුවීම ඉතා බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන ඇති බවයි ගුවන් සමාගම පවසන්නේ.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA) ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එයාර් ඉන්දියා ආයතනය විසින් කාර්ය මණ්ඩලයේ අතපසුවීම් සිදුවී ඇත්දැයි සොයා බැලීමට අභ්‍යන්තර මණ්ඩලයක් ද පිහිටුවා තිබෙනවා.

කොමිසම දිල්ලි පොලිස් කොමසාරිස්වරයාගෙන් දින හතක් ඇතුළත මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ද ඉල්ලා ඇතැයි සඳහන්.

70 වැනි වියෙහි පසුවන මගී කාන්තාව මෙම අත්දැකීම අතිශය කම්පන සහගත සිදුවීමක් ලෙස හැඳින්වූ අතර ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ සිදු වූ සිද්ධිය පිළිබඳව දැඩි කලකිරීමක් පළ කරනු ලැබුවා.

දිවා ආහාරය පිළිගන්වා විදුලි පහන් නිවා දමා නිදා ගැනීමට සුදානම් වීමත් සමඟ මද වේලාවකට පසු මෙය සිදුවූ බව කාන්තාව සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

මගී කාන්තාව එම ලිපියේ සඳහන් කර ඇත්තේ ආසන වෙනස් කිරීමක් ඉල්ලා සිටි විට ගුවන් සමාගම එය ප්‍රතික්ෂේප කර ආසන නොමැති බව තමාට දැන්වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?