මෙරට ගුවන් තොටුපොළ ආශ්‍රිතව කිලෝමීටර් පහක වපසරයක් තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මහජනතාවට දැනුම් දෙනවා.
තොටුපොළ ආශ්‍රිතව කිලෝමීටර් පහක වපසරයක් තුළ අඩි 300 ඉක්මවා සරුංගල් යැවීම ගුවන් යානා මෙහෙයුම් කටයුතුවලට බාධා ඇතිවන බවයි එම සමාගම සඳහන් කළේ.
සරුංගල් ගුවන් යානා එන්ජින් මගින් ඇද ගැනීම හෝ ගුවන් යානා ප්‍රචාලකවල පැටලී එන්ජින් ක්‍රියා විරහිත වීම නිසා ඉදිරියෙන් එන ගුවන් යානාවලට අනතුරක් විය හැකි බවත් එමඟින් ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් මතුවන බවත් දැනුම් දෙනවා.
ඒ, අනුව ගුවන් තොටුපළ ආශ්‍රිතව සංරුගල් යැවීම සිදුනොකරන ලෙස ආශ්‍රිත ප්‍රදේශයන්හි මහජනතාවට යළිත් අවධාරණය කරන අතර, මෙම කරුණ පැහැර හරින පුද්ගලයින් සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව යටතේ දඬුවම් ක්‍රියාත්මක කළ හැකි බවත් එම සමාගම වැඩිදුරත් දන්වා සිටිනවා.





