ගුවන් ගමන් ප්‍රමාදය සැලසුම් සහගත වැඩක්දැයි සොයන්න උපදෙස්

ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින් ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවේද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට නිර්දේශ කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මේ බව සඳහන් කළේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ඒ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

තවද, විවිධ අභියෝග පසුකරමින්, ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවද මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන කාලසීමාවක ගුවන් යානා ප්‍රමාද වීම ගැටලුවක් බව මෙම කාරක සභාවේදී සාකච්ඡාවට ලක් වුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ වෘත්තීය සමිති රාශියක් තිබෙන බවත්, විවිධ වෘත්තීය සමිති විසින් විවිධ ඉල්ලීම් හේතු කොට ගෙන සිය කාර්යභාරය නිවැරදි කාලසීමාව ඇතුළත ඉටු නොකරන බවයි. මේ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් ගුවන් යානා ප්‍රමාදය සහ අනපේක්ෂිත ලෙස ගුවන්ගමන් අවලංගු වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී තිබෙනවා.

මේ අනුව පවතින ප්‍රශ්න විසඳගැනීමට සියලු පාර්ශවයන් කටයුතු කළ යුතු බවත්, එය රටට හෝ රටේ ආර්ථිකයට බලපාන මට්ටම දක්වා වර්ධනය වන ලෙස කටයුතු නොකළ යුතු බවයි ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ.

තවද, සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමද මෙහිදී සිදු වූ අතර එයට ආංශික අධීක්ෂණ කාරක සභාවේ එකඟත්වය හිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?