ගුවන්තොටේ යකා නටා රටට ඇතුළු වූ චීනාගේ කැරැට්ටුව අධිකරණයේ දී හෙළිවෙයි

පසුගියදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් මහත් ආන්දෝලනයකට තුඩුදුන් චීන ජාතිකයා චීන රජය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලැබ සිටින පුද්ගලයකු බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

තමන්ව චීනයට පිටුවහල් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ චීන ජාතිකයා විසින් ගොනු කළ රිට් පෙත්සම අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම දැනුම්දීම සිදුකළා.

මෙම චීන ජාතිකයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් චීන රජය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලැබූ පුද්ගලයෙකු බවත් හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට පහරදුන් බවත් මේ හේතුවෙන් තුවාල සිදු වූ බවත් අදාළ චීන ජාතිකයා සිය පෙත්සමෙන් සඳහන් කර තිබුණා.

එම තුවාල තමන් විසින් ස්වෙච්ඡාවෙන්ම සිදුකරගත් ඒවා බවට අදාළ චීන ජාතිකයා විසින් අධිකරණ වෛද්‍ය නිළධාරියා හමුවේ පිළිගෙන තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන අධිකරණය හමුවේ දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල අනතුරුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමටද තීන්දු කළා.

පෙත්සම්කාර චීන ජාතිකයා සතුව චීන සහ ගිනි රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් තිබූ අතර ඒ අතුරින් ගිනි රාජ්‍යයට අයත් විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවට චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගැනීමට මෙරට ආගමන හා විගමන නිලධාරීන් කටයුතු කර තිබූ බව පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ, අනුව තමන්ව චීනයට පිටුවහල් නොකොට ඩුබායි රාජ්‍යයට පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
13
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?