ගුවන්තොටේ දී ජංගම දුරකථනය සොරාගත් බව කියූ සිද්ධියේ ඇත්ත කතාව එළියට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත විදෙස් රටක සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමක් පිළිබඳ වීඩියෝවක් පසුගිය දා සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි විසින් අද (10) පැවැත්වුවා.

මෙම සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ තුළ පටිගත වී ඇති ආරක්ෂක සේවා කැමරා දර්ශන (CCTV) නැවත පරීක්ෂා කිරීමක් සිදුකළ බවත්, එවැනි කිසිඳු සාක්ෂියක් ඒවායේ සටහන් ව නොමැති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

සිද්ධියට මුහුණ දුන් අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මැදපෙරදිග රටක සංක්‍රමණික ගුවන් තොටුපළක රැදී සිටියදී එම ගුවන් තොටුපළේ පවතින ආරක්ෂක නීති රෙගුලාසි මත, අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනය, එම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව එම රටට සම්බන්ධ ගුවන් සේවාව විසින් තමන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද ගුවන් තොටුපළ සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කර සිටියා.

මෑත අවුරුදු 05 ක කාලය තුළ දී කිසිඳු ගුවන් තොටුපළ සේවකයෙකු ගුවන් තොටුපළ තුළ සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී නොමැති බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එය අවසන් වූ වහාම එහිදි එළඹ ඇති නිගමන පදනම් කර ගෙන අධිකරණමය ක්‍රියාමාර්ග සදහා පිවිසීමට අදහස් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?