ගුවන්තොටේ දී ජංගම දුරකථනය සොරාගත් බව කියූ සිද්ධියේ ඇත්ත කතාව එළියට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත විදෙස් රටක සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමක් පිළිබඳ වීඩියෝවක් පසුගිය දා සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි විසින් අද (10) පැවැත්වුවා.

මෙම සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ තුළ පටිගත වී ඇති ආරක්ෂක සේවා කැමරා දර්ශන (CCTV) නැවත පරීක්ෂා කිරීමක් සිදුකළ බවත්, එවැනි කිසිඳු සාක්ෂියක් ඒවායේ සටහන් ව නොමැති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

සිද්ධියට මුහුණ දුන් අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මැදපෙරදිග රටක සංක්‍රමණික ගුවන් තොටුපළක රැදී සිටියදී එම ගුවන් තොටුපළේ පවතින ආරක්ෂක නීති රෙගුලාසි මත, අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනය, එම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව එම රටට සම්බන්ධ ගුවන් සේවාව විසින් තමන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද ගුවන් තොටුපළ සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කර සිටියා.

මෑත අවුරුදු 05 ක කාලය තුළ දී කිසිඳු ගුවන් තොටුපළ සේවකයෙකු ගුවන් තොටුපළ තුළ සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී නොමැති බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එය අවසන් වූ වහාම එහිදි එළඹ ඇති නිගමන පදනම් කර ගෙන අධිකරණමය ක්‍රියාමාර්ග සදහා පිවිසීමට අදහස් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14