විදේශයන්හිදී නිකුත් කර ඇති රියදුරු බලපත්‍ර මත පදනම්ව මෙරට දී තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මඟින් සිදු කරනු ලැබුවා.
කෙසේ වෙතත් ගොය වර්ෂයේ අගෝස්තු මස 03 වන දින සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා කවුළුවක් මඟින් ද එම කාර්යය සිදු කිරීම ආරම්භ කළා.
මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ සාදනු ලැබ ඇති 2022 අංක 03 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර අයභාර) නියෝග මඟින් එලෙස තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කෙසේ වුව ද, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කවුළුවක් විවෘත කර අවශ්‍ය පහසුකම් සැපයීමේදී ඒ සඳහා අය කරනු ලබන රුපියල් 2,000/- ක් වූ ගාස්තුව ප්‍රමාණවත් නොවන බැවින්, සපයන සේවාවන්ට සරිලන පරිදි ගාස්තු යාවත්කාලීන කරමින් ඒ සම්බන්ධයෙන් වන නියෝග සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව, සංශෝධිත ගාස්තු හඳුන්වා දීම සඳහා වන නියෝග අංක 2463/04 දරන 2025-11-17 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.
එම නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.














