ගුවන්තොටුපළේදී රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

විදේශයන්හිදී නිකුත් කර ඇති රියදුරු බලපත්‍ර මත පදනම්ව මෙරට දී තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මඟින් සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත් ගොය වර්ෂයේ අගෝස්තු මස 03 වන දින සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා කවුළුවක් මඟින් ද එම කාර්යය සිදු කිරීම ආරම්භ කළා.

මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ සාදනු ලැබ ඇති 2022 අංක 03 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර අයභාර) නියෝග මඟින් එලෙස තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වුව ද, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කවුළුවක් විවෘත කර අවශ්‍ය පහසුකම් සැපයීමේදී ඒ සඳහා අය කරනු ලබන රුපියල් 2,000/- ක් වූ ගාස්තුව ප්‍රමාණවත් නොවන බැවින්, සපයන සේවාවන්ට සරිලන පරිදි ගාස්තු යාවත්කාලීන කරමින් ඒ සම්බන්ධයෙන් වන නියෝග සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, සංශෝධිත ගාස්තු හඳුන්වා දීම සඳහා වන නියෝග අංක 2463/04 දරන 2025-11-17 දිනැති අති විශෙෂ ගැසට්‌ පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

එම නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13
Video thumbnail
ජනපති කාටත් නොකියා ඇවිත් මතුගම පල්ලියකට රිංගලා ගිහිල්ලා - බුදුහාමුදුරුවෝ බලල ගියානම් වටිනවනේ
01:50
Video thumbnail
සජබ මන්ත්‍රීලා පස්දෙනකු මන්ත්‍රී ධුරයෙන් පන්නලා දායි - ජගත් සියල්ල හෙළිකරයි
02:53
Video thumbnail
දේශපාලකයින්ගේ කෙරුවාව ඩඩ්ලි හෙළිකරයි - මම වෙලාව ආවම ඒවා එළියට දාන්නම්
03:30
Video thumbnail
දියේ ගි#මට ගිය විදේශිකයෙක්ව ජිවිතාරක්ෂක නිලධාරීන් ගිහින් බේරාගත් හැටි - දෙවිවරු වගේ මිනිස්සු
01:58
Video thumbnail
අපේ ජනපති ඒ මිනිහා මහ ලොක්කෙක්ද ?වලව්කාරයෙක්ද ? - කියන්න තියෙන දේ කෙළින්ම කිව්ව හාමුදුරුවෝ
03:53
Video thumbnail
වැඩිහිටි නිවාසයේ ගින්නෙන් දිවි අහිමිවූ 07කගේ සිරුරු හඳුනාගනී -සිරුරු පශ්චාත් ම#රණ පරීක්ෂණයට
01:42
Video thumbnail
බියවූ වත්මන් රජය පළාත් සභා මැතිවරණය හිතාමතාම කල්දානවා - අපේ දෙබිඩි දේශපාලන රටාවක් නෑ
06:44