ගුරු සේවයේ ගැටළු ගැන අවධානය

ගුරු සේවයේ සිට ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.

ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැලපුම් දීමනාව වැටුප් වර්ධකයක් ලෙස ගෙවීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමටයි යෝජනා වී ඇත්තේ.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වුණා.

ගුරු උපදේශක සේවයේ ගැටළු පිළිබඳව සාකච්ඡාවක් පසුගිය අගෝස්තු මස 11 වැනි දින ද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වූ අතර අදාළ ගැටළුව සම්බන්ධ සියළු පාර්ශ්වයන්ගේ සහභාගීත්‍වයෙන් එම කරුණු පිළිබඳව නැවත සාකච්ඡා කළ යුතු බවට එහිදී ගත් තීරණය අනුවයි මෙම රැස්වීම කැඳවා තිබුණේ.

ඒ අනුව, ගුරු සේවයේ සිට ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට අන්තර්ග්‍රහණය කිරීමේදී මතුව ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර පිළිබඳ එහි ලේකම් එම්.එන්. රණසිංහ මහතා විසින් කාරක සභාව වෙත කරුණු ඉදිරිපත් කළා. අධ්‍යාපන අමාත්‍යවරයාද මේ පිළිබඳ සිය අවධානය යොමු කර ඇති බවත්, ඒ අනුව මේ පිළිබඳ අවස්ථා දෙකක දී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්‍වයෙන් සාකච්ඡාවන් පැවති බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැලපුම් දීමනාව වැටුප් වර්ධයක් ලෙස ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් කාරක සභාවට දැනුම් දෙනු ලැබුවා.

තවද, ගුරු උපදේශක පොදු කාර්ය භාරය පිළිබඳ උපදෙස් සැකසීමට අවශ්‍ය පියවර මේවන විටත් ගෙන ඇති බවත් මෙහිදී කරුණු අනාවරණය වුණා. එසේම, ගුරු උපදේශකවරුන් කළාපීය තාක්‍ෂණික කමිටුවල සාමාජිකයෙකු ලෙස එම කමිටු රැස්වීම් සඳහා සහභාගී වීමේ අවස්ථාව ලබා දෙන ලෙස ගුරු උපදේශකවරුන් විසින් සිදු කරන ලද ඉල්ලීමට අමාත්‍යවරයා යහපත් ප්‍රතිචාරයක් දැක් වූ බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

ගුරු උපදේශකවරුන් සඳහා දැනට ගෙවනු ලබන ගැලපුම් දීමනාව වැටුප් වර්ධයක් ලෙස ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය කඩිනමින් ලබා ගැනීම පිණිස යෝජිත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් කාරක සභාවේ සභාපති විසින් පැමිණ සිටි නිලධාරීන්ට නිර්දේශ කරන ලද අතර, ඒ පිළිබඳව වාර්තාවක් මාසයක කාලයක් තුල කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසටයි වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15