රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද දිනයේ ආරම්භ කළ වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව ලංකා ගුරු සංගමය අවධාරණය කරනවා.
ඉන්ධන අර්බුදය හේතුවෙන් පවතින ප්‍රවාහන ගැටලූ / දේශපාලන සහ ආර්ථික ගැටලු රැසකට පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට මුහුණ පෑමට සිදුව ඇති බැවින් ඊට විරෝධය දැක්වීමයි මෙම වැඩ වර්ජනයේ මූලික අරමුණ වන්නේ.
ආණ්ඩුව ඉවත්වීමට කටයුතු නොකරන්නේ නම් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ඉදිරියේදී දැඩි කිරීමට පියවර ගන්නා බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
53




