ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රයේ සංශෝධනයක්

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමට අයදුම්පත් කැඳවමින් 2026 පෙබරවාරි 02 වැනි දින නිකුත් කරන ලද අංක 2474/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනයේ 5.1 වගන්තියට අනුව, උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු දිනය 2026 මාර්තු 05 දිනය ලෙස සංශෝධනය කිරීම සඳහා ඊයේ (16) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ඉහත අංකයෙන් යුත් ගැසට් නිවේදනය ඊට අදාළව සංශෝධනය කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
5
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?