ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් පිළිබද තීරණයක්

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව ගරු අග්‍රාමාත්‍යවරිය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි.

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඇයගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී කාරක සභාව සඳහා පැමිණ සිටි ගරු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් පවතින බවයි.

විශේෂයෙන්ම උතුරු මැද පළාත සඳහා පසුගියදා පත් කළ නිලධාරීන් හයදෙනෙකු අතරින් පස්දෙනෙක් නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන ඇති බව මෙහිදී අනාවරණය වුණා. ‍

ඒ, අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝව කාරක සභාවේ අවධානය යොමු වූ අතර අදාළ පත්වීම් ලබාදීමේ දී නිලධාරීන් සම්බන්ධ මානුෂීය කරුණු පිළිබඳවද සලකා බැලිය යුතු බව මෙහිදී සාකච්ඡා වුණා. ‍

එමෙන්ම සේවා අවශ්‍යතාවය පිළිබඳව ද නිලධාරීන් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යතු බව මෙහිදි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.

එසේම ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් සැලැස්මක් හෝ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් පිළියම් සකස්කරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

තවද ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා මානුශීය කරුණු ද සලකා බලා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

මීට අමතරව ආබාධිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර හැකි ඉක්මනින් ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභා 06 හි ප්‍රගතිය සම්බන්ධයෙන් ද අදාළ අනුකාරක සභාවල සභාපතිවරුන් කරුණු ඉදිරිපත් කිරීමද සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29